වෙනස්වීම
දවසේ අන්තිම හිරු රැස් කදම්භයත් වෙරලට වැටිලා. දැන් මෙහෙන් බැහැගෙන යන ඉර, කොහෙටහරි පායනව ඇති. මේ වෙරල මත තියෙන්න ඇති පියසටහන් දහස් ගණනක්. සමහරවිට ගල් යුගයටත් එහා ඉඳන්. දෙවියො තමයි දන්නෙ. එ'ත් එක අතකට කවුද දෙවියො කියන්නෙ?
" කැඩපත් අපි වටේ හැමතැනම තියාගත්තත් තමන්ට සම්පූර්ණයෙන් තමන්ව දකින්න බෑ, දෙවියො කියන්නෙ අන්න එ' නොපෙනීමටයි. " කොහෙන්දෝ ආපු සිතුවිල්ලක් එහෙම කිව්වා.
මේ වෙරල මතම තියෙනවා අලුත් පරපුරකත් පරණ පරපුරකත් පියසටහන්. පරණ පරපුරෙන් ඇහුවොත් කියයි සමාජය පිරිහිලා අපේ කාලෙ වගේ නෙමෙයි කියලා. ලෝකයේ හැමදෙයක්ම චක්‍රාකාරයි. ගතානුගතිකත්වය යනු සදාචාරය කියල වරද්ද ගත්ත කෙනෙක්ට මේක නොතේරෙනව ඇති. පොඩි එවුන් වෙරලෙ තැන තැන හදපු වැලි මාලිගා වඩ දියත් එක්ක නැතිවෙලා යාවි, සමහරුන්ගෙ හීන වගේ.
වෙරලෙ ඇවිදිද්දි ඔබ මුතු බෙල්ලෙක් දැකලා කනේ තියා ගත්තොත් ඇහෙන සද්දෙ මුහුදෙ සද්දෙම නෙමෙයි. කාර්යබහුලත්වයෙන් මිදිලා රෑ තරු අහස දිහා බලන් හිටියොත් ඔබට පෙනෙයි ලෝකය කොච්චර සුන්දරද කියලා. එ'ත් ඔබ අහස දිහා බලද්දි ඔබට පේන්නෙ ස්වභාවික කෘත්‍රිම චන්ද්‍රිකාවක් (හඳ) සහ ප්‍රොක්සිමා සෙන්චූරි නම් ඕව කොහොම විඳින්න ද?
ලෝකෙ තිබ්බ හැම දෙම අලුත් වෙලා. ඉස්සර එලවලු විතරක් කාපු අය අද බිත්තර කනව ඇති. ඉස්සර නොබොවු අය දැන් බොනවා ඇති. ඉස්සර පන්සල් නොගියපු අය අද පන්සල් යනවා ඇති. ඉතින් මේ පිරිහීම ද? නැහැ
වෙනස්වීම.
අක්ෂරය, දෘශ්ඨි කෝණය, ශිෂ්‍යාව සහ ඇහේ බබා
මේකෙ ලියන්න හදන්නෙ අක්ෂරයට ආවඩල වත්,නිදි යහන ගිනි ගනීට ගරහලවත් නෙමෙයි. කියවල හිතෙන එකක් හිතා ගන්න.
ලාංකීය සිනමාවේ වර්තමානය ගැන කතා කරද්දි කතා කරන්න දෙයක් නැති තරම්. වානිජ චිත්‍රපට 100කට ඕනෙනම් සම්භාව්‍ය එකක් තියෙයි. ඒ තියෙන සම්භාව්‍ය එක රැඟුම් පාලක කමිටුව කපල කොටල ගත්තට පස්සෙ ගන්න හරයක් නැති තරම්. අක්ෂරයේ කතාව කොතරම් සංවාදවලට බඳුන් වුවද එවැනි කතන්දර නැතැයි කියා බැහැර කරන්න බෑ.
කෙසේ වුවත් සුළං කිරිල්ලී වැනි චිත්‍රපටයක් බලන්නෙක් ට අයෙක් යතුරු හිලකින් සංවාසයේ යෙදෙන්නවුන් දෙස බලා ගන්න හැඟීමම ගන්නත් බැරි නෑ.සියල්ල තීරණය වන්නේ බලන්නාගේ දෘශ්ඨි කෝණය මත.චිත්‍රපටයේ භාව්‍යාත්මක අර්ථය තේරුම් ගැනීමට නම් එයට සරිලන චින්තනයකින් සිටිය යුතු වෙනව.අපිට පෙනෙන්නෙ අපි දකින්න බලාපොරොත්තු වෙන දෙය.මේ කුමන විකාරයක් දැයි ඔබට හැඟෙනවා නම් තේරුම් යනු පිණිස පහත කතාව ලියන්නම්.
ගුරුවරයෙක් පන්ති කාමරයක ඉගැන්වීමේ යෙදනව. විෂය සෞඛ්‍ය කියල හිතමු. ගුරුවරයා පන්තියෙන් ප්‍රශ්නයක් අහනවා.
"Excitement එකකදී හතර ගුණයකින් පමණ විශාල වෙන අවයවය මොකක්ද ?"
පන්තිය නොසන්සුන් වෙනව.ශිෂ්‍යාවක් නැගිටල ගුරුවරයට බැණ වදිනවා.
"ඔබ මහ විකෘතිකයෙක්.ඔය වගේ ප්‍රශ්නයක් අහල ඔබට ඕනේ අපිව අපහසුතාවයට ලක් කරන්න.ශිෂ්‍යාවෝ ඉන්න තැනක ඔහොම එකක් අහන්න කලින් හිතන්න ඕනෙ නේද ? "
ගුරුවරයා හිනා වෙනවා.ශිෂ්‍යාවට හිඳගන්න කියනවා.
"තව උත්තර තියනව ද ? "
ගුරුවරයා පන්තියෙන් විමසනවා.
ශිෂ්‍යයෙක් නැගිටිනව. අහිංසක විදිහට පිළිතුරක් දෙනවා.
" ඇහේ බබා. "

පින්න මල
අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුක
ඒත්..
සුළඟ නැත්නම් තාමත් මගෙ ලඟ,
සමහරවිට,
සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.
මොනා කරන්නද, පින්න මලක් නෙ.
හසුන
"ආදරණීය ..... ,
ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑස
පාලුයි මා ලොව - අමාවකයි සඳ ගොහින් හොරෙන්
දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම
සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...."
බොළඳයි ආදරය
ඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්.
පුප්පන්න
පුරහඳ පායලා.
"පුප්පන්නකෝ මේ මල" ඇය කිවුවා.
පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම
කොහොම පුප්පන්නද මල්?
.
Subscribe to:
Posts (Atom)
ලියපු එවා
Labels
- Drama Queen (1)
- Footsteps (1)
- life (1)
- Profile picture (1)
- අක්ෂරය (1)
- අනන්තය (1)
- අපි (1)
- අංශචිත්‍රය (1)
- අසෙනිය කුසුම (2)
- ආදරය (2)
- ඇය (4)
- ඇස් (1)
- ඇහේ බබා (1)
- ඉන්ද්රනීල (1)
- ඉර (1)
- උඹ (1)
- ඔබ (5)
- කවිය (2)
- චේ ගුවේරා (1)
- ජීවිතේ (1)
- තරු (1)
- දෘශ්ඨි මායාව (1)
- ද්වීධැව ඝූර්ණය (1)
- නැව (1)
- පින්න මල (1)
- මතකය (1)
- මතවාද (1)
- මල් (1)
- රඟහල (1)
- රැඩිකල්වාදය (1)
- රැඩිකල්වාදියො (1)
- ලයිට් (1)
- විල් තෙරේ (1)
- ශ්රෝඩිංගර් (1)
- සදහට (1)
- සිනමාව (1)
- සුවඳ (1)
- සුළඟ (1)
- හඳගම (1)
- ළිඳ (1)