වෙනස්වීම


දවසේ අන්තිම හිරු රැස් කදම්භයත් වෙරලට වැටිලා. දැන් මෙහෙන් බැහැගෙන යන ඉර, කොහෙටහරි පායනව ඇති. මේ වෙරල මත තියෙන්න ඇති පියසටහන් දහස් ගණනක්. සමහරවිට ගල් යුගයටත් එහා ඉඳන්.  දෙවියො තමයි දන්නෙ. එ'ත් එක අතකට කවුද දෙවියො කියන්නෙ? 
" කැඩපත් අපි වටේ හැමතැනම තියාගත්තත් තමන්ට සම්පූර්ණයෙන් තමන්ව දකින්න බෑ, දෙවියො කියන්නෙ අන්න එ' නොපෙනීමටයි. " කොහෙන්දෝ ආපු සිතුවිල්ලක් එහෙම කිව්වා.


මේ වෙරල මතම තියෙනවා අලුත් පරපුරකත් පරණ පරපුරකත් පියසටහන්. පරණ පරපුරෙන් ඇහුවොත් කියයි සමාජය පිරිහිලා අපේ කාලෙ වගේ නෙමෙයි කියලා.  ලෝකයේ හැමදෙයක්ම චක්‍රාකාරයි. ගතානුගතිකත්වය යනු සදාචාරය කියල වරද්ද ගත්ත කෙනෙක්ට මේක නොතේරෙනව ඇති. පොඩි එවුන් වෙරලෙ තැන තැන හදපු වැලි මාලිගා වඩ දියත් එක්ක නැතිවෙලා යාවි, සමහරුන්ගෙ හීන වගේ.


වෙරලෙ ඇවිදිද්දි ඔබ මුතු බෙල්ලෙක් දැකලා කනේ තියා ගත්තොත් ඇහෙන සද්දෙ මුහුදෙ සද්දෙම නෙමෙයි. කාර්යබහුලත්වයෙන් මිදිලා රෑ තරු අහස දිහා බලන් හිටියොත් ඔබට පෙනෙයි ලෝකය කොච්චර සුන්දරද කියලා. එ'ත් ඔබ අහස දිහා බලද්දි ඔබට පේන්නෙ ස්වභාවික කෘත්‍රිම චන්ද්‍රිකාවක් (හඳ)  සහ ප්‍රොක්සිමා සෙන්චූරි නම් ඕව කොහොම විඳින්න ද?
ලෝකෙ තිබ්බ හැම දෙම අලුත් වෙලා. ඉස්සර එලවලු විතරක් කාපු අය අද බිත්තර කනව ඇති. ඉස්සර නොබොවු අය දැන් බොනවා ඇති. ඉස්සර පන්සල් නොගියපු අය අද පන්සල් යනවා ඇති. ඉතින් මේ පිරිහීම ද?  නැහැ 
   වෙනස්වීම.



3 comments:

Lishan Puwakovitage said...

කලක් තිස්සේ අපි නොදැනිම අප විසින් පටලවා ගත් කටු කම්බි වැනි බැඳීම් අපව කා‍ර්යබහුල බවට පත් කරලා, අපි සරළ උනොත් අපිට අත හැරුණු හැමදේම ආපහු අපි ගාවට ළඟාවේවි..!
අගේ ඇති ලියවිල්ලක්..!
ස්තූතියි,
ජය!

සෙන්නා said...

වෙනස් නොවන එකම දේත් වෙනස් වීමයි කියනවානේ...

Unknown said...

කිසිම දෙයක් වෙනෙස් වෙන්නේ නැතුව එකම විදියට තිබ්බමත් කිසි ආතල් එකක් නෑ නේ....

Post a Comment