Showing posts with label රැඩිකල්වාදය. Show all posts
Showing posts with label රැඩිකල්වාදය. Show all posts

(‍ෆ්‍රී)රැඩිකල්වාදය


මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා


"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."


"ඒ මොකටද? "


"ඇයි බන් එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, එතකොට පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු.කෙල්ලොත් කැමති උන්ට තමයි. "


"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්? "


"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑ නේ. උන් හරි ගූඪ චරිත."


"හරියට විරාගයේ අරවින්ද වගේ? "


"ඒ කවුද බන්? මචන් ‍රැඩිකල් විදිහට හිතපන් එතකොට පට්ට."


"මට නිකමට කියපන් ‍රැඩිකල්වාදය කියන්නේ මොකක්ද කියලා?" 


"එහෙම කියන්න බෑ බන්. අමුතු විදිහට හිතන එකනෙ. උඹල ට්වෙන්ටි ෆස්ට් සෙන්චරියේ නෙමෙයිද ඉන්නෙ?"


"චේ ගුවේරලා, ලෙනින් ලා, කස්ත්‍රෝ ලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"
මගේ මිත්‍රයා කරබා ගත්තා.