(‍ෆ්‍රී)රැඩිකල්වාදය


මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා


"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."


"ඒ මොකටද? "


"ඇයි බන් එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, එතකොට පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු.කෙල්ලොත් කැමති උන්ට තමයි. "


"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්? "


"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑ නේ. උන් හරි ගූඪ චරිත."


"හරියට විරාගයේ අරවින්ද වගේ? "


"ඒ කවුද බන්? මචන් ‍රැඩිකල් විදිහට හිතපන් එතකොට පට්ට."


"මට නිකමට කියපන් ‍රැඩිකල්වාදය කියන්නේ මොකක්ද කියලා?" 


"එහෙම කියන්න බෑ බන්. අමුතු විදිහට හිතන එකනෙ. උඹල ට්වෙන්ටි ෆස්ට් සෙන්චරියේ නෙමෙයිද ඉන්නෙ?"


"චේ ගුවේරලා, ලෙනින් ලා, කස්ත්‍රෝ ලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"
මගේ මිත්‍රයා කරබා ගත්තා.





5 comments:

සෙන්නා said...

අන්න ප්‍රශ්ණේ... දීපල්ලකො උත්තර...

මාතලන් said...

මෙහේ රැවුල් වවන් ඉන්නේ නපුංසකයෝ (පොන්නයෝ.)

Anonymous said...

නියමය ආරම්භයක් ලබා දුන්නේ..
සමහරු රැඩිකල් වෙන්න කියල තමන්ගේ පදනම් ,සංස්කෘති ,සදාචාර බිදගෙන විනාසකාරී විදියට ඉන්නවා...රැඩිකල් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ...සාම්ප්‍රදාය බිද දැමිය යුත්තේ සාධනීය නොවේ නම් පමණයි.සමහරු ඉතින් රැඩිකල් වෙන්න කියල හැමදේම අමුතුවට කරන්න හදනවා.ඒක එහෙම නම් රැඩිකල් වෙන්න කියල හිතාගෙන ප්ලාස්ටික් රිජිෆෝම් කෑවා නම් හරි,ඒකත් ටිකක් අමුතුයි නේ...

පොඩි මෑන් said...

ඇනෝගේ කතාවට 100% එකගයි... රැඩිකල් කියන එක අර්ථදකවන්න පුලුවන්නම් කාටහරි...

Anonymous said...

නියම කතාව....

Post a Comment