2012


අලුත් අවුරුද්ද, 
අලුත් ඇඳුම් 
අලුත් මුහුණු මැද 
පරණ මම.



ඔයා

ජීවිතේ රඟහලක් අපි ඒකෙ නළුවො කිව්වට ඔයා Drama Queen කෙනෙක්.





හසුන


"ආදරණීය ..... , 
ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑස
පාලුයි මා ලොව -  අමාවකයි සඳ ගොහින් හොරෙන්
දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම 
සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...."


 බොළඳයි ආදරය


ඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්.





පුප්පන්න


පුරහඳ පායලා.


"පුප්පන්නකෝ මේ මල" ඇය කිවුවා.


පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම 


කොහොම පුප්පන්නද මල්?


.





දුටු නුදුටු ආ ගිය තැන් සහ අතුරු කතා

හැමදාම දැනිච්ච ඒව ලියන හින්දා අද, දැකපු ඒව මගේ ඇසින්..










නැව 11.11.11 ගිලෙන එකක් නෑ. තව කල්යයි...


                                                                                                     සාහිත්‍ය අපි                                                                                              

අංශචිත්‍රය (Profile picture)


ඉන්ද්‍රනීල නෙත් යුග
කෙලිලොල් සිනාව
ඔබ මා සිනාසුණු
ඒ වැසි දිනය
වැහි බිඳෙන් තෙමුණු
පුරා වසරක් නොදුටු ඔබ රුව
.......
පමා මට අයිති නැති
මුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය.



හුළු අත්ත

ඔබ හරියට හුළු අත්තක් වගේ, 


කොච්චර හෙල්ලුවත් නිවෙන්නෙ නෑ. 


පොලේ ගහන්නම ඕනේ.







ඔබ ගිහින්


විල් තෙරේ අපි ඉද්දි
ඔයාගෙ ප්‍රාශ්වාස වායුව මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමට
ලං වෙලා
ඔබ කිවුවා.
" අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි...
වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..හිම කුණා‍ටු ආවත්
පොද වැහි වැස්සත්........
මට ආසයි තරු කැටයක් වෙලා ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න,
ඔයා මගෙ...... .... ..."
ඉතිරි ටික මට මතක නැහැ, ඔබ ගිහින් අවුරුද්දක් ගෙවිල.




හෙට ඉරක් පෑයුවෙ නැතත්

ශ්‍රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි 
ත්‍රිමාන ලෝකෙක උඹල
වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල
ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා
ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්
කාගෙන් හරි ප්‍රේරිත වෙලා
යන්නෙ කොහෙද හිතාගන්න බැරුව 
ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්
මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්
දැන් ඉතින් කාලෙ ඇවිල්ල 
ඔය වලෙන් ගොඩ එන්න
හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි. 



ඇය

ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත 
දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවස
කෙස් සුනිල් වලා , නිය මුතු නොවුනට
ඇය ඔබද මන්දා.

.........

උඹට කරන්න පුලුවන් හැම දේම කරලා
කරන්න පුලුවන් හැම මගුලම කරල
දෙන්න පුලුවන් හැම දේම දීල
බලන් ඉද්දි උඹ මොනාද කරන්නෙ කියල
හුළං පොදකටවත් නොකිය
උඹ මැරිල.

සිතුවිල්ලක්...

                  පොඩ්ඩක් ලියන්නෙ මට අත්දැකීම් නැතිම මාතෘකාවක් ගැන. ආදරය,ප්‍රේමය,ශෘංගාරය,ඇල්ම මේ ඕන එකක්.මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද.උදේ ඉඳන් ‍රැවෙනකන් call කරන එකත්,‍ රැට උදේට කෑවෙ මොනාද කියල අහන එකත් ආදරය නම්,රොමියෝ ජුලියට් ල මේ ලෝකෙ නොහිටිය නම් හොඳයි.
                                        තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැ නෙ. ඌ දාල ගියා කියල ලිඳේ පනින්නවත්,එල්ලෙන්නවත් නෙමේ ඕනෙ, ඌට යන්න දෙන එක. ජීවිතය හින්දි ‍ෆිල්ම් එකක් නෙමෙයි.උඹල තනිවෙලා විඳින දුක ඌට දැනිල මහ වැස්සක කුඩයක් ඉහලන්නෙ නැහැ උඹට. වැස්සෙ තෙමි තෙමි යනවද කුඩයක් ඉහලනවද කියල තීරණය කරන්න ඕන උඹලමයි. අසම්මත ප්‍රේමය, පාරිශුද්ධ ප්‍රේමය කියන්නෙ බොරු කතා.සමාජ සම්ම්තය යකාට ගියාවෙ කියල ලව් කරන්න පුලුවන් නම් උන් තමා නියම ප්‍රේමවන්තයො කියන්නෙ. සාලිය අශෝකමාලා, දීඝගාමිණී උන්මාද චිත්‍රාව අපි දැනගෙන ඉන්නෙ ඒකයි.  ඒත් උඹල හින්දා රජකම අත අරින එවුන් වත්,එක්ටැම් ගෙයි ජනේලෙන් රිංගලා එන කුමාරයො වත් දැන් ඉතුරුවෙලා නැහැ. ජීවිතය සරල නැහැ. උඹල එක එකා වෙනුවෙන් ජීවිතය දීලා අන්තිමට උඹලට ලැබෙන මගුලකුත් නැත්නම් ඌව අත අරින්න උඹල දැනගන්න ඕනෙ. ළිඳේ වැ‍ටුන මිනිහා ගොඩ එන්න ඔනෙ ළිං කටින්මයි. ළිඳ ඇතුලට වෙලා අඬ අඬ හිටියට ලිඳේ වතුර වැඩි වෙන්නෙත් නැ බොර වෙනවා විතරයි. ඌ උඹලට පාට පාට දේදුන්නක් මැවුවට උඹලට පේන්නෙ ආලෝක වර්තනය වෙලා එන දෘශ්ඨි මායාවක් විතරයි. ක්ෂිතිජ රේඛාවේ මිරිඟුව ලස්සනයි. හැබැයි උඹල දියඹට බැහැල ඒක හොයාගෙන පීනන්න එපා,හම්බවෙන එකක් නැහැ.




දිනපොතෙන් සහ මතකයෙන්...

*ඉංග්‍රීසියෙන් තිබ්බ හින්ද මට පුලුවන් විදිහට අසංක්ෂිප්ත පරිවර්තනයක් කරන්නම්,අතිනුත් කෑලි දාල.*


මාර්තු 11
උපන්දිනය, මට ඕන අය හැමෝම මට සුබ පතල. කවුද කෙල්ලෙක් මාව accept කරල, wish කරල ඒ මදිවට treatත් ඉල්ලල. පිස්සුද කොහෙද .කොහෙන් හම්බුනාද මන්දා මටත්. කාගෙහරි යාලුවෙක් වෙන්න ඇති. තරඟ 13ලු. මම කොහොමද යන්නෙ මට කතා කරගන්නත් බෑ.




මාර්තු 12
treat එක ඕන තරඟ දවසට ලු.මම යන්නෙ නෑ හොඳ වෙලාවට.ඒ මදිවට ෆොටෝ එකක තියනව we hate royal  කියල. උන් හිතන් ඉන්නෙ හරි පොරවල් කියල. වරෙන්කො අසෙනිය කුසුමට.




මාර්තු 17
invitation තාම ඇවිල්ල නෑ. පුදුමෙටත් වගේ උන්ගෙ කලා උළෙල තියෙන්නෙ ඇගේ උපන් දිනය දවසෙ (මේ ඇය වෙන එක්කෙනෙක්.)  එක අද දෙන්නම් කිවුවට උන්ව දැකල මම බය උනා.Letters උන් ගාව තිබ්බෙත් නැද්ද කොහෙද. කොහොමත් class ඉවර වෙලා යද්දි ඇය මට ඉස්සරහින් ගියේ. කතා කලේනම් නැහැ. මේකි මට වඩා උසයි ද මන්දා.




මැයි 27 
ආයි මේ ලියන්නෙ මාසෙකට පස්සෙ. එකට කෙළ වෙලා.මම අන්තිමට තේරුම් ගත්තෙ මේ ලෝකෙ අපි තනිවෙලා කියල.මගේ ජීවිතේට බලපෑම් කරන අය පස්දෙනෙක්. පළමුවැන්නිය, මගෙ සිංදුව හොඳයි කියපු එක්කෙනා. ඇය මට ගොඩක් ලං උනත් සිංහල වචනයක් වත් කතා නොකර මට එපා වෙලා තියෙන්නෙ. 2,3,4 යම් ආගමක. බෙදීමක මුල ඒක.ඒක හින්ද ඒ අයට මට ලං වෙන්න බෑ නීති දාල. පස්වැන්නිය , මට ඇය නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඇය සියල්ලන්ගෙන් ම වෙනස්. කතා කරන්නෙ මාර බොක්කෙන්. ඇය වගේ අය තව නැහැ.




ජුනි 02
ඇය උදව්වක් ඉල්ලුව. නොකර ඉන්න බැහැ නෙ. අම්ම ඔලුව කෑවත් මම  presentation එක හැදුව. ජලයෙන්chromium ඉවත් කිරීමද මොකක්ද මගුලක්. තර‍ඟෙ අනිද්ද ලු.




ජූනි 05
උන් දෙක වෙලා තිබ්බ. අරකිට පොඩ්ඩක් upset වගේ.




ජූනි 09
ඇය මගේ සමීපතමයා වෙලා. එක ඉවරවෙලා ගෙදර ඇවිල්ල තමා ලියන්නෙ. සමහර එවුන් ලෝකෙට තමන්ගෙ පරිපූර්ණත්වය පෙන්න ගෙන ලෝකයට නොපෙනෙන්න පිස්සු කෙලිනව. යථාර්ථය කියන්නෙ අපි දකින දෙය නෙමෙයි.  *කායා වගේ නෙමෙයි මේකිව ආශ්‍රය කරද්දි ආගම මැද්දට පනින්නෙ නෑ. මේකි පුදුම pure ඇය පරිපුර්ණත්වයේ ළඟටම ඇවිල්ල. යාලුවෙක් විදිහට ඇය තමා පරිපූර්ණත්වය.




ජූනි 22
 ඇය මට තවත් සමීප වෙනව.මෙච්චර කල් කිසිම කෙනෙක් ළං නොවුනු තරමට. ඒත් මේකි පිස්සු කෙලිනව. අරූව ආපහු add කරගෙන.3 වෙනකන් එදා ඇහැරගෙන හිටපු එකටත් පාඩුයි. හැබැයි ඊලඟ සැරේ ඇය අසරණ උනාම මම නම් ලඟින් ඉන්න එකක් නැහැ. මේකි රට යනව ලු. යාලුවො කවුරුත් එක්ක තියාගන්නෙ නෑ ලු. මොන මගුලක් ද. ඇය පරිපූර්ණ යාලුවෙක් වෙලා හිටිය. ඇයි උන්ට මම කොච්චර උන් ගැන වද වෙනවද කියල තේරුම් ගන්න බැරි?




ජූනි 24
ඇය කිවුවා රට ගියත්  මාත් එක්ක කතා කරනව කියල. ඇති යන්තන්.




ජූලි 26
ඇය විභාගෙ ලියන්නෙ නෑ ලු.ගමේ ගිහිල්ල. ඒත් තාම මේකි පිස්සු නටනව. හොඳ වෙලා වරෙන්.




අගෝස්තු 02
ඇයගෙ උපන්දිනය. ඊයෙ රෑ එක වෙනකන් නැගිටල හිටිය කරන්න, අද විභාගෙ තිබ්බත්. ඈට තවම හොඳ නෑ වගේ. අරූව අහු වුනොත් මට අම්මප.




අගෝස්තු 06
Party එකට මට එන්නලු. තෑග්ගක් තාත්තගෙන් ඉල්ල ගත්ත. මේකි කැමති වෙයි ද දන්නෙ නෑ.මොනා කරන්නද.




අගෝස්තු 07
හිතුවට වඩා හොඳයි ඇය. කැතකුත් නැහැ. :P  පුදුම දවසක් අද කරපු හැම දෙයක්ම හීනයක් වගේ. ගාලු මුවදොර නම් අමතක වෙන එකක් නැහැ. ගෙදර එදිදි 2යි. මම හිතුව අම්මා ගෙදරින් පැන්නුව තමා කියලා.




අගෝස්තු 08
ඇය මට, මේව ලියන්න හිතෙන්නෙ නෑ. කෙල්ල තෑග්ගට කැමතී වගේ. මට බයයි මේකෙන් අපි දෙන්න අතර තියන යාලුකමද මොකක්ද එක නැති වෙයි කියල. මට ඕනෙ නෑ ඇයව දාල යන්නත්.




අගෝස්තු 10
ඇයි මටයි ඇයටයි ආයි හිටපු විදිහටම ඉන්න බැරි. මේ සිද්ධ වෙන දේවල් මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච ඒවා නෙමෙයි. ඇයව මට ඕනෙ මගේ හොඳම යාලුව විදිහට.. ඒත්.






අගෝස්තු 11
ජීවිත කාලෙටම කරපු ලොකුම වැ‍රැද්ද මගෙ අතින් උනා . මම ඒ වෙලාවෙ සිහියෙන් නෙමේ හිටියෙ. මම කෙල්ලෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන කාලකණ්නියෙක් වෙලා. ඇය මගේ ඔලුව අවුල් කරල. මේ වැ‍රැද්දට මේකි ආයි මට සමාව දෙන්නෙ නෑ. ඉහිරුනු කිරට අඬල වැඩක් නෑනෙ. ජීවිතේ මහ විහිලුවක්.සියල්ල පුදුමාකර විදිහට හරියට සිද්ද වෙද්දී එක වැ‍රැද්දෙන් ඔක්කොම කණපිට පෙරලුනා.මට නින්ද යන්නෙත් නෑ. ඇගේ නමේ තේරුමත්  manipulative වගේ ( ඇය ඒක දන්නෙ නැතුව ඇති ) ඇය මගේ හිත පාලනය කරනව. කමක් නෑ ඔබට ඕන හැමදේම වෙයි. මගේ ජීවිතේ ලඟින්ම හිටපු එක එකා දාල යද්දි මම උන්ට ඔහෙ යන්න දුන්නෙ ඇය මට හිටපු හින්දා. ඇයව හමුවෙලා හරියටම මාස 05කින්..,ඇය ගිහිල්ල.



අගෝස්තු 12
ඇය එන්නෙ නෑ ආපහු. සමහර විට හැමදේම වෙන්නෙ හොඳට වගේ ඇයට මා කෙරෙහි තිබ්බ මොකක්ද එක මේකෙන් නැති උනා නම් හොඳයි. ඒත් මේ එකක්වත් මම බලාපොරොත්තු උන් ඒව නෙමෙයි. අන්තිමට යාලුවො එකෙක් වත් ඉතුරු වෙලා නෑ.ආයි පරණ  ජීවිතය. ජීවිතය? ආයි පරණ මොකක්ද එක. " යාළුවො කියන්නෙ ජීවිතෙන් කොටසක් නෙමෙයි. " ඇය කිවුවා. ඔව් වෙන්නැති. උන් ජීවිතය වෙන්නැති.

අගෝස්තු 13
ඇය හමුවෙලා මාස 05ක් වුනත් ඇගෙන් ජීවිතය ගැන මම ඉගෙන ගත්ත දේවල් පහුගිය අවුරුදු 18ටම වඩා වැඩී.මම බලාපොරොත්තු උන හැම දේම ඇගෙන් ලැබුන.හැම කරදරයක දීම. කමක් නෑ  මට සතු‍ටු වෙන්න පුලුවන් මම කරන්න පුලුවන් හැමදේම කලා කියල. මගෙ ගෑණි දාල ගියත් මම මෙහෙම වද වෙන එකක් නැහැ. අත ඇරල නිකන් ඉන්නව මිසක්. ගෑණු ඔය හැම තැනම ඉන්නෙ. ඒත් ඇය එහෙම නැහැ. ඇයට ඒක තේරෙන්නෙත් නැහැ. 
...තේරිලාද මන්දා, මට දැනෙනව හැම දේම හරියයි කියල.....බලමු.

නුඹ

          හදවත
       සුවඳ 
       රිවිකිරණක නතරවෙලා


        න්හිඳ
        තිමිර පටලක් අග හිත
        ඳලා, කාටත් 
 නොය නුඹ තරුවක නතර වෙලා.

The longest walk.

I regret my choice
It hurt letting go
You heard it in my voice
I am sure you know


Passing the gate,
looking back at you
I put my trust in faith
I hope you do too


I am walking the longest walk
Waiting for your heart to talk
What is beauty?
The illusion of the Truth?"

"Under the deep blue sky,
Thousands of starts blinking
Giggles-
Showing the happiness  of life"
**********************

"What is the purpose of this life?
Is there a purpose?"
"Wind breezes along with the scent of flowers
The moonlight gleaming
over deep water
Come my dear
without being late
The Night is passing
LIfe is waving......"
"Life is Useless!"

(and then he jumped in the river)

මීදුම

මීදුම සීතලයි.
බොරු කතා....
කොහොමද මීදුම හීතල වෙන්නෙ.

ඒත්,
මීදුම හීතල කාලෙකුත් තිබ්බා.

අත් අල්ලගෙන මීදුම යටින් අපි පියමැන්නෙ,හන්තානෙ.

සමනල පාලම ළග අපි තරු දිහා බලන් හිටියා.

ඒ තරු තාමත් එතනමයි.
ඒත්,
අපි..?