අංශචිත්‍රය (Profile picture)


ඉන්ද්‍රනීල නෙත් යුග
කෙලිලොල් සිනාව
ඔබ මා සිනාසුණු
ඒ වැසි දිනය
වැහි බිඳෙන් තෙමුණු
පුරා වසරක් නොදුටු ඔබ රුව
.......
පමා මට අයිති නැති
මුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය.



3 comments:

solitary reaper said...

පුදුමාකර ලෙස අද දිනයේ සිදුවූ මා හද කැලඹූ එක් සිදුවීමක් හා මේ පද කිහිපය සමපාත වේ...

//පමා මට අයිති නැති//

මෙහි "පමා" යන්න නොවැටහේ

ස්තුතියි අපූරු අදහසට...

Unknown said...

"පමා" ලියුවේ පමා වූ යන අරුතටයි.

ප්‍රාර්ථනා said...

අහිමි කෙනෙක් දෙස බලා යලි සැනසෙන්නට උදව් වන අංද චිත්‍රය...

ඔය වගේ සිද්ධි කීපයක් මට මුන ගැහිලා තියනවා..

"පමා" = "පවා" ද..???

Post a Comment