පාලම



එදා,
ඉඳහිට පොද වැස්සක මල් වත්ත මැදින් යද්දි,
වැරදිලා වත් අතින් නොඅල්ලපු ඔබ
පාලම උඩදි, අත බදාගෙන
මහවැලියට වැටෙතැයි බියෙන්.
අද,
ඔබ නැති සමනල පාලම.
වැටියන් ගඟට.



2 comments:

Pasan said...

අඩේ.. පාලම වැටුනම මං කොහොමද එයාගෙ අත අල්ලගෙන ඒ පාලමේ තවත් දවසක යන්නේ......:-D

නිෂ්.. said...

ඒක හරි අසාධාරන ප්‍රාර්ථනාවක්...

Post a Comment