අක්ෂරය, දෘශ්ඨි කෝණය, ශිෂ්‍යාව සහ ඇහේ බබා

                            මේකෙ ලියන්න හදන්නෙ අක්ෂරයට ආවඩල වත්,නිදි යහන ගිනි ගනීට ගරහලවත් නෙමෙයි. කියවල හිතෙන එකක් හිතා ගන්න.
ලාංකීය සිනමාවේ වර්තමානය ගැන කතා කරද්දි කතා කරන්න දෙයක් නැති තරම්. වානිජ  චිත්‍රපට 100කට ඕනෙනම් සම්භාව්‍ය එකක් තියෙයි. ඒ තියෙන සම්භාව්‍ය එක ‍රැඟුම් පාලක කමි‍ටුව කපල කොටල ගත්තට පස්සෙ ගන්න හරයක් නැති තරම්. අක්ෂරයේ කතාව කොතරම් සංවාදවලට බඳුන් වුවද එවැනි කතන්දර නැතැයි කියා බැහැර කරන්න බෑ.
    කෙසේ වුවත් සුළං කිරිල්ලී වැනි චිත්‍රපටයක් බලන්නෙක් ට අයෙක් යතුරු හිලකින් සංවාසයේ යෙදෙන්නවුන් දෙස බලා ගන්න හැඟීමම ගන්නත් බැරි නෑ.සියල්ල තීරණය වන්නේ බලන්නාගේ දෘශ්ඨි කෝණය මත.චිත්‍රපටයේ භාව්‍යාත්මක අර්ථය තේරුම් ගැනීමට නම් එයට සරිලන චින්තනයකින් සිටිය යුතු වෙනව.අපිට පෙනෙන්නෙ අපි දකින්න බලාපොරොත්තු වෙන දෙය.මේ කුමන විකාරයක් දැයි ඔබට හැ‍ඟෙනවා නම් තේරුම් යනු පිණිස පහත කතාව ලියන්නම්.


ගුරුවරයෙක් පන්ති කාමරයක ඉගැන්වීමේ යෙදනව. විෂය සෞඛ්‍ය කියල හිතමු. ගුරුවරයා පන්තියෙන් ප්‍රශ්නයක් අහනවා.


"Excitement එකකදී හතර ගුණයකින් පමණ විශාල වෙන අවයවය මොකක්ද ?"


පන්තිය නොසන්සුන් වෙනව.ශිෂ්‍යාවක් නැගිටල ගුරුවරයට බැණ වදිනවා.


"ඔබ මහ විකෘතිකයෙක්.ඔය වගේ ප්‍රශ්නයක් අහල ඔබට ඕනේ අපිව අපහසුතාවයට ලක් කරන්න.ශිෂ්‍යාවෝ ඉන්න තැනක ඔහොම එකක් අහන්න කලින් හිතන්න ඕනෙ නේද ? "


ගුරුවරයා හිනා වෙනවා.ශිෂ්‍යාවට හිඳගන්න කියනවා.


"තව උත්තර තියනව ද ? "
ගුරුවරයා පන්තියෙන් විමසනවා.


ශිෂ්‍යයෙක් නැගිටිනව. අහිංසක විදිහට පිළිතුරක් දෙනවා.


" ඇහේ බබා. "









5 comments:

Anonymous said...

මම සාමාන්‍යයෙන් චිත්‍රපටි නං එච්චර බලන්නෙ නෑ!අර අැහේ බබා කතාවනං හරියට හරි! ලංකාවෙ කෙල්ලො ඔහොම්මයි! :D

Unknown said...

ඒකත් මේ කතාවෙ අතුරු කතාවක් තමා :D

Anonymous said...

ඇහේ බබා ඔච්චර ලොකු වෙනවද? මම දන්නෙ අදයි... සභ්‍යද අසභ්‍යද කියලා තීරණය වෙන්නෙ තමන්ගේ හිත අනුවයි

Observer said...

ඇහේ බබා එච්චර ලොකු වෙන බව දැනගත්තෙ අදමය්. චිත්‍රපටයක් නං කාලෙකින් බලන්න බැරි වුනා. අන්තිමට බැලුවේ "මචං" ඒක මොන ගෘප් එකට වැටෙන චිත්‍රපටයක් කියලද හිතන්නෙ? වානිජමය අතින් කොහොමද කියන්න නං දන්නෙ නැහැ, මම නං කැමැත්තෙන් බැලුව එකක් "මචං"

Unknown said...

මචං වානිජමය වුනාට මුදල් පස්සෙ හඹා ගිය එකක් කියල මම හිතන්නෙ නෑ :)

Post a Comment