අංශචිත්‍රය (Profile picture)


ඉන්ද්‍රනීල නෙත් යුග
කෙලිලොල් සිනාව
ඔබ මා සිනාසුණු
ඒ වැසි දිනය
වැහි බිඳෙන් තෙමුණු
පුරා වසරක් නොදුටු ඔබ රුව
.......
පමා මට අයිති නැති
මුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය.



හුළු අත්ත

ඔබ හරියට හුළු අත්තක් වගේ, 


කොච්චර හෙල්ලුවත් නිවෙන්නෙ නෑ. 


පොලේ ගහන්නම ඕනේ.







ඔබ ගිහින්


විල් තෙරේ අපි ඉද්දි
ඔයාගෙ ප්‍රාශ්වාස වායුව මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමට
ලං වෙලා
ඔබ කිවුවා.
" අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි...
වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..හිම කුණා‍ටු ආවත්
පොද වැහි වැස්සත්........
මට ආසයි තරු කැටයක් වෙලා ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න,
ඔයා මගෙ...... .... ..."
ඉතිරි ටික මට මතක නැහැ, ඔබ ගිහින් අවුරුද්දක් ගෙවිල.




හෙට ඉරක් පෑයුවෙ නැතත්

ශ්‍රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි 
ත්‍රිමාන ලෝකෙක උඹල
වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල
ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා
ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම්
කාගෙන් හරි ප්‍රේරිත වෙලා
යන්නෙ කොහෙද හිතාගන්න බැරුව 
ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම්
මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක්
දැන් ඉතින් කාලෙ ඇවිල්ල 
ඔය වලෙන් ගොඩ එන්න
හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි. 



ඇය

ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත 
දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවස
කෙස් සුනිල් වලා , නිය මුතු නොවුනට
ඇය ඔබද මන්දා.