මාර්තු 11
උපන්දිනය, මට ඕන අය හැමෝම මට සුබ පතල. කවුද කෙල්ලෙක් මාව accept කරල, wish කරල ඒ මදිවට treatත් ඉල්ලල. පිස්සුද කොහෙද .කොහෙන් හම්බුනාද මන්දා මටත්. කාගෙහරි යාලුවෙක් වෙන්න ඇති. තරඟ 13ලු. මම කොහොමද යන්නෙ මට කතා කරගන්නත් බෑ.
මාර්තු 12
treat එක ඕන තරඟ දවසට ලු.මම යන්නෙ නෑ හොඳ වෙලාවට.ඒ මදිවට ෆොටෝ එකක තියනව we hate royal කියල. උන් හිතන් ඉන්නෙ හරි පොරවල් කියල. වරෙන්කො අසෙනිය කුසුමට.
මාර්තු 17
invitation තාම ඇවිල්ල නෑ. පුදුමෙටත් වගේ උන්ගෙ කලා උළෙල තියෙන්නෙ ඇගේ උපන් දිනය දවසෙ (මේ ඇය වෙන එක්කෙනෙක්.) එක අද දෙන්නම් කිවුවට උන්ව දැකල මම බය උනා.Letters උන් ගාව තිබ්බෙත් නැද්ද කොහෙද. කොහොමත් class ඉවර වෙලා යද්දි ඇය මට ඉස්සරහින් ගියේ. කතා කලේනම් නැහැ. මේකි මට වඩා උසයි ද මන්දා.
මැයි 27
ආයි මේ ලියන්නෙ මාසෙකට පස්සෙ. එකට කෙළ වෙලා.මම අන්තිමට තේරුම් ගත්තෙ මේ ලෝකෙ අපි තනිවෙලා කියල.මගේ ජීවිතේට බලපෑම් කරන අය පස්දෙනෙක්. පළමුවැන්නිය, මගෙ සිංදුව හොඳයි කියපු එක්කෙනා. ඇය මට ගොඩක් ලං උනත් සිංහල වචනයක් වත් කතා නොකර මට එපා වෙලා තියෙන්නෙ. 2,3,4 යම් ආගමක. බෙදීමක මුල ඒක.ඒක හින්ද ඒ අයට මට ලං වෙන්න බෑ නීති දාල. පස්වැන්නිය , මට ඇය නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඇය සියල්ලන්ගෙන් ම වෙනස්. කතා කරන්නෙ මාර බොක්කෙන්. ඇය වගේ අය තව නැහැ.
ජුනි 02
ඇය උදව්වක් ඉල්ලුව. නොකර ඉන්න බැහැ නෙ. අම්ම ඔලුව කෑවත් මම presentation එක හැදුව. ජලයෙන්chromium ඉවත් කිරීමද මොකක්ද මගුලක්. තරඟෙ අනිද්ද ලු.
ජූනි 05
උන් දෙක වෙලා තිබ්බ. අරකිට පොඩ්ඩක් upset වගේ.
ජූනි 09
ඇය මගේ සමීපතමයා වෙලා. එක ඉවරවෙලා ගෙදර ඇවිල්ල තමා ලියන්නෙ. සමහර එවුන් ලෝකෙට තමන්ගෙ පරිපූර්ණත්වය පෙන්න ගෙන ලෝකයට නොපෙනෙන්න පිස්සු කෙලිනව. යථාර්ථය කියන්නෙ අපි දකින දෙය නෙමෙයි. *කායා වගේ නෙමෙයි මේකිව ආශ්රය කරද්දි ආගම මැද්දට පනින්නෙ නෑ. මේකි පුදුම pure ඇය පරිපුර්ණත්වයේ ළඟටම ඇවිල්ල. යාලුවෙක් විදිහට ඇය තමා පරිපූර්ණත්වය.
ජූනි 22
ඇය මට තවත් සමීප වෙනව.මෙච්චර කල් කිසිම කෙනෙක් ළං නොවුනු තරමට. ඒත් මේකි පිස්සු කෙලිනව. අරූව ආපහු add කරගෙන.3 වෙනකන් එදා ඇහැරගෙන හිටපු එකටත් පාඩුයි. හැබැයි ඊලඟ සැරේ ඇය අසරණ උනාම මම නම් ලඟින් ඉන්න එකක් නැහැ. මේකි රට යනව ලු. යාලුවො කවුරුත් එක්ක තියාගන්නෙ නෑ ලු. මොන මගුලක් ද. ඇය පරිපූර්ණ යාලුවෙක් වෙලා හිටිය. ඇයි උන්ට මම කොච්චර උන් ගැන වද වෙනවද කියල තේරුම් ගන්න බැරි?
ජූනි 24
ඇය කිවුවා රට ගියත් මාත් එක්ක කතා කරනව කියල. ඇති යන්තන්.
ජූලි 26
ඇය විභාගෙ ලියන්නෙ නෑ ලු.ගමේ ගිහිල්ල. ඒත් තාම මේකි පිස්සු නටනව. හොඳ වෙලා වරෙන්.
අගෝස්තු 02
ඇයගෙ උපන්දිනය. ඊයෙ රෑ එක වෙනකන් නැගිටල හිටිය කරන්න, අද විභාගෙ තිබ්බත්. ඈට තවම හොඳ නෑ වගේ. අරූව අහු වුනොත් මට අම්මප.
අගෝස්තු 06
Party එකට මට එන්නලු. තෑග්ගක් තාත්තගෙන් ඉල්ල ගත්ත. මේකි කැමති වෙයි ද දන්නෙ නෑ.මොනා කරන්නද.
අගෝස්තු 07
හිතුවට වඩා හොඳයි ඇය. කැතකුත් නැහැ. :P පුදුම දවසක් අද කරපු හැම දෙයක්ම හීනයක් වගේ. ගාලු මුවදොර නම් අමතක වෙන එකක් නැහැ. ගෙදර එදිදි 2යි. මම හිතුව අම්මා ගෙදරින් පැන්නුව තමා කියලා.
අගෝස්තු 08
ඇය මට, මේව ලියන්න හිතෙන්නෙ නෑ. කෙල්ල තෑග්ගට කැමතී වගේ. මට බයයි මේකෙන් අපි දෙන්න අතර තියන යාලුකමද මොකක්ද එක නැති වෙයි කියල. මට ඕනෙ නෑ ඇයව දාල යන්නත්.
අගෝස්තු 10
ඇයි මටයි ඇයටයි ආයි හිටපු විදිහටම ඉන්න බැරි. මේ සිද්ධ වෙන දේවල් මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච ඒවා නෙමෙයි. ඇයව මට ඕනෙ මගේ හොඳම යාලුව විදිහට.. ඒත්.
අගෝස්තු 11
ජීවිත කාලෙටම කරපු ලොකුම වැරැද්ද මගෙ අතින් උනා . මම ඒ වෙලාවෙ සිහියෙන් නෙමේ හිටියෙ. මම කෙල්ලෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන කාලකණ්නියෙක් වෙලා. ඇය මගේ ඔලුව අවුල් කරල. මේ වැරැද්දට මේකි ආයි මට සමාව දෙන්නෙ නෑ. ඉහිරුනු කිරට අඬල වැඩක් නෑනෙ. ජීවිතේ මහ විහිලුවක්.සියල්ල පුදුමාකර විදිහට හරියට සිද්ද වෙද්දී එක වැරැද්දෙන් ඔක්කොම කණපිට පෙරලුනා.මට නින්ද යන්නෙත් නෑ. ඇගේ නමේ තේරුමත් manipulative වගේ ( ඇය ඒක දන්නෙ නැතුව ඇති ) ඇය මගේ හිත පාලනය කරනව. කමක් නෑ ඔබට ඕන හැමදේම වෙයි. මගේ ජීවිතේ ලඟින්ම හිටපු එක එකා දාල යද්දි මම උන්ට ඔහෙ යන්න දුන්නෙ ඇය මට හිටපු හින්දා. ඇයව හමුවෙලා හරියටම මාස 05කින්..,ඇය ගිහිල්ල.
අගෝස්තු 12
ඇය එන්නෙ නෑ ආපහු. සමහර විට හැමදේම වෙන්නෙ හොඳට වගේ ඇයට මා කෙරෙහි තිබ්බ මොකක්ද එක මේකෙන් නැති උනා නම් හොඳයි. ඒත් මේ එකක්වත් මම බලාපොරොත්තු උන් ඒව නෙමෙයි. අන්තිමට යාලුවො එකෙක් වත් ඉතුරු වෙලා නෑ.ආයි පරණ ජීවිතය. ජීවිතය? ආයි පරණ මොකක්ද එක. " යාළුවො කියන්නෙ ජීවිතෙන් කොටසක් නෙමෙයි. " ඇය කිවුවා. ඔව් වෙන්නැති. උන් ජීවිතය වෙන්නැති.
අගෝස්තු 13
ඇය හමුවෙලා මාස 05ක් වුනත් ඇගෙන් ජීවිතය ගැන මම ඉගෙන ගත්ත දේවල් පහුගිය අවුරුදු 18ටම වඩා වැඩී.මම බලාපොරොත්තු උන හැම දේම ඇගෙන් ලැබුන.හැම කරදරයක දීම. කමක් නෑ මට සතුටු වෙන්න පුලුවන් මම කරන්න පුලුවන් හැමදේම කලා කියල. මගෙ ගෑණි දාල ගියත් මම මෙහෙම වද වෙන එකක් නැහැ. අත ඇරල නිකන් ඉන්නව මිසක්. ගෑණු ඔය හැම තැනම ඉන්නෙ. ඒත් ඇය එහෙම නැහැ. ඇයට ඒක තේරෙන්නෙත් නැහැ.
...තේරිලාද මන්දා, මට දැනෙනව හැම දේම හරියයි කියල.....බලමු.
2 comments:
මම කියෙව්වෙ නෑ බෝරින් වගේ දැනුන ද මන්ද...pls remove word verification
එකෙ පුදුමයක් නෑ. මේක ලියුවෙ යම් කෙනෙක් වෙනුවෙන්. ඇය ඒක තේරුම් ගත්තා. එච්චරයි නෙ.
Post a Comment